Sunday, December 8, 2019

Why mental health is important?

ගොඩක් මිනිස්සු හිතන්නේ මට පිස්සු කියලා. ඇයි? Because I do what i do.  මිනිස්සු  මට බනිද්දි හිංසා කරද්දී ගනං නොගෙන ඉද්දි ඇයි එයාලා පස්සෙම යන්නේ ? ඕක මගෙන් ඇහුවම මම සද්ද නොකර ඉන්නේ එක කිව්වට සාමාන්‍ය අයට නොතේරෙන නිසා. ඇයි දැන් එතකොට මම මේක කියන්නේ? Asian universities alliance youth forum mental health awareness week eka nisa. මොකද ලංකාවේ ගොඩක් අයට මානසික සෞඛ්‍ය ගැන දැනීමක් නැති නිසා අඩුමගානේ මේක මම කියනවා අහල ඔයාල  අතරේ ඉන්න යාලුවෝ පවුලේ අය ගැන මීට වඩා අවදානයක් දේවි කියලා හිතනවා. මානසික රෝග අනිත් රෝග වගේමයි.අපේ  අනිත් භෞතික අවයව වගේම අපේ හිතත් ලෙඩ වෙනවා. depression, anxiety, stress කියන්නේ සමාජයේ බහුලව දකින්න ලැබෙන ඕනෙම කෙනෙක්ගේ ජීවිතේ එක පාරක්හරි අනිවාරෙන් මූණදෙන්න වෙන රෝග කීපයක්. මේවා ඒ තරන් ගොඩක් හිතල බය වෙන්න ඕනේ cancer එකක් වගේ දෙයක් නෙමෙයි. වෙන ඕනෙම ලෙඩක් හැදුනම වගේ doctor කෙනෙක් ගාවට ගිහාම හොඳ වෙනවා.  Dr. Kapila Ranasinghe කියන්නේ depression හරියට කැස්ස හෙම්බිරිස්සාව වගේ කියලයි. බෙහෙත් බිව්වම හොඳ වෙනවා.

හැබැයි තව රෝග වර්ගයක් තියෙනවා Personality disorders කියල. ඒවා එහෙම හොඳ කරන්න අපහසුයි. අපහසුයි කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ  හොඳ  කරන්න බෑ කියන එක.මම කලින් කිව්ව depression, bipolar disorder වගේ රෝග personality disorders වල රෝග ලක්‍ෂණ. බෙහෙත් වලින් මේ කියන රෝග ලක්ෂණ අපිට පාලනය කරන්න පුළුවන්.

ගොඩක් අවස්ථා වල මේ රෝග ඇතිවෙන්නේ ළමයෙක් වර්ධනය වෙන අවදියේදී එල්ලවෙන පීඩා නිසා එහෙමත් නැත්තන් abuse  වීමක් නිසා. ළමා කාලයේ එහෙම නැත්තන් මොළය වර්ධනය වන අවදියේදී stress වලට මූන දෙනකොට මොලය අභ්‍යන්තරේ ඇතිවන හෝර්මෝන වෙනස්වීම් නිසා මොලයේ pre frontal cortex  එකේ වර්ධනය අඩාල වෙනවා. එතකොට වයසට සාපේක්ෂව ඇඟ සහ මොලයේ අනිත් ප්‍රදේශ වැඩුනත් අපේ emotions regulate වෙන, හැන්ගීම් පාලනය වෙන කොටස පොඩි ළමයෙක්ගේ වගේ. හැම වෙලේම එයාලා වටේ ඉන්න අයගේ අවදානය බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය තරමට අවදානය නැති වෙනකොට රන්ඩු කරලා හරි අවශ්‍ය අවදානය ලබාගන්න මේ රෝගීන් ඉතාම දක්ෂයි.ඇත්තම කිව්වොත් එක එයාලා හිතල කරන දෙයක් නෙමෙයි. මොකද එයාලට එහෙම හිතන්න බැරි නිසා.වටේ ඉන්න අයට රිදෙන බව නොදැන නෙමෙයි එයාලා එහෙම කරන්නේ. මානසික රෝගයක් තියෙන ඕනෙම කෙනෙක්ගෙන් ඇහුවොත් කියාවි එයාල තමන් කරන දේවල් ගැන මොන තරඟ පසුතවෙනවද කියලා සහ එයාලට එක පාලනය කරගන්න බැරිව මොන තරඟ දුක් වෙනවද කියන එක. මම 2015  සිට 7 cups of tea  කියන ඇමෙරිකානු ආයතනයේ counselor වරියක් ලෙස සේවය කරනවා සහ මම පෞද්ගලිකව අඳුරන බොහොම දෙනෙක් මානසික රෝග වලින් පෙළෙනවා.ඒ වගේම මමත් ජීවිතයේ වරින් වර මානසික ආතතියට ලක් උන කෙනෙක්. ඉතින් කියන්න.. මම මට වටිනවා කියල හිතන මාව ඕනේ කියල දන්න මගේ මිනිස්සුන්ගෙන් එයාලගේ ජීවිතේ අමාරුම අවස්ථාවේ පැනල දුවන්නේ ඇයි? මානසික රෝග හොඳ කරන්න පුළුවන් කියල මම බය නැතුව කියනවා සහ challenge  එක බාරගන්නවා. මොහොතකට හිතන්න අපි හැමෝම මානසික රෝගියෝන්ගෙන් පැනල දුවල ඓන් වෙලා අපේ පාඩුවෙ ඉන්නවා කවුරුහරි එයාලව බලාගනිවී කියල හිතුවොත් ඒ අයව තවත් අසරණ වේවි. Its not sympathy that they need, but empathy. අනික ඒ දේ හෙට ඔබට මට උනොත් ? ආදරේ කරන අය සේරම රෝගයක් නිසා තමන් දාලා යන බව දැනුනොත් ඒ අය  පත් වෙන අසරණ තත්වය? මානසික රෝග බෝ වන රෝග නොවන බව කරුණාවෙන් සලකන්න

Tuesday, December 27, 2016

ඉස්කෝලේ ලොකුයි තමයි..


මීට කලින් post එකේ කිව්වේ මම තරමක් ලොකු කාලෙ උන දේවල්නේ.. දැන් මම කියන්න හදන්නේ මගේ පොඩි කාලේ  ගැන. මම මොන්ටිසෝරි ගියේ අවුරුද්දක් පහු වෙලා.අම්මගේ ගාවින් වෙන් වෙලා අලුත් තැනකට ගිය මුල්ම වතාව.. මම පලවෙනි දවසෙම තීරණය කරා මම එතන ඉන්නේ නෑ කියලා.. ඒක නිසා හොඳ වෙලාවක් බලල ගේට්ටුවෙන් රිංගලා  ගෙදර දුවන්න හැදුවා. මොන්ටිසෝරියේ teacherලා  ටික ඇවිත් මාව ඇද්ද ඇදිල්ලට හීරුන පාරවල් තාමත් තියෙනවා. ඒ කොහොම උනත් ටික කාලයක් යද්දී මම එතනට කැමති උනා.. මට තාම මතකයි මම ඒ මොන්ටිසෝරියේ මුස්ලිම් කොල්ලෙක්ට එලව එලව ගැහුවා badminton racket එකකින්..මම පොඩි කලේ ඉඳන්ම කැමති උනේ නැහැ සෙනග ඉන්න තැන් වලට...තාමත් එහෙමයි. ඒක නිසා ඉස්කෝලේ ගියා කියලත් වැඩි වෙනසක් නෑ.. ඒ වගේම තමයි..කාත් එක්කවත් කතා කරන්නැති නිශ්ශබ්ද ළමයෙක්..

ශිෂ්‍යත්වෙට ගෙදරින් බලපෑමක් නොතිබුනත් මට ඒක  හොඳටම කරන්න ඕනේ උනා.. අම්මාගේ අතේ එල්ලිලා කිලෝමීටර් එකක් විතර එහායින් තිබ්බ පන්තියට යනවා තාමත් මට මතකයි.. කවුරුත් කිව්වට විශ්වාස කරන එකක් නැති උනත් පන්තිය තිබ්බේ වෙලක් ගාව ගෙදරක හරක් මඩුවක.. හරක් හිටියේ නැහැ එකේ... මඩුවේ බාගයක් පිරෙන්න පිදුරු.. ඉතුරු බාගේ තමයි පන්තිය තිබ්බේ..කොල්ලොන්ට ඉතින් රජ මගුල් පිදුරු ගොඩේ.. එයාල ඒ පිදුරු ගොඩේ උමගක් හදල තිබ්බා මඩුවේ එහා  කෙලවරට යන්න.. ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් uniform එක පිටින්ම homework සේරම ඉවර කරන අස්සේ අම්මා මට කවනවා..  ඊට  පස්සේ තමයි ඇඳුම ගලවන්නේ.. හවස් වරුවෙම මම පරණ papers කරා.. exam එක ඉවර උනාට පස්සේ ගණන් කරලා බැලුවම එතන papers 700 ගානක් තිබ්බා.දැන් මතක් උනහම පුදුමත් හිතෙනවා. ඒ විදිහට O/L , A /L  වලට වැඩ කරානං island rank එකකුත් ගන්න තිබ්බා.

Saturday, September 17, 2016

ඒ දවස..

මම කවුද කියන එක ගැන පොඩි idea එකක් කලින් post එකෙන් ලැබෙන්න ඇති කියලා මම  හිතනවා. ඇත්තම කිව්වොත් මීට අවුරුදු 3කට 4කට කලින් හිටපු මම නෙමෙයි දැන් ඉන්නේ.කලින් හිටපු මම දැන් ඉන්න මට වෙනස් වෙන්න පටන් ගත්තු දවස..


A/L වලට මහ ලොකුවට මැත්ස් කරන්න තෝරගත්තට මොකද ටික දවසක් යන්නත් කලින්ම මැත්ස් එපාම වෙලා ගියා. සාමාන්‍යයෙන් මැත්ස් කරන ඕනේ කෙනෙක්ට පුළුවන් එකම විෂය වෙන්නේ මැත්ස් උනත් ඒකෙ අනිත් පැත්ත මට උනේ.මැත්ස් බැරුව ඉතුරු දෙක විතරක් පුළුවන් උනා.නිකමටවත් ගානක් හදන්න ඕනේ උනේ නැති මම ගණන් හැදුවේ  term test ඒකේදි විතරයි.class එකේදී අනිත් ළමයි ගණන් හදද්දී ඒවා කොහෙන්ද එන්නේ කොහොමද වෙන්නේ කියන එක මම කටත් ඇරගෙන බලාගෙන හිටියා. Physics,chemistry ගණන් හදන හැටි ඒවාට උත්තර ඇස්  දෙක ඉස්සරහ මැවිලා පෙනෙද්දී maths විතරක් දෙමල වගේ උනේ කොහොමද කියන එක අදටත් මට හිතාගන්න බෑ.

Friday, September 16, 2016

මම කවුද?

මම කවුද කියන එක ඇත්තටම ගොඩක් හොඳ ප්‍රශ්නයක්.මොකද මාත් දන්නේ නෑ මම කවුද කියලා.අම්මලා මට ලස්සන නමක් දාලා තියෙනවා..ඒත් ඒ නමෙන් මම කවුද කියන එක කෙනෙක්ට තේරේවිද?
මම කවුද කියන එකට වඩා වැදගත්, මට මොනවද කියන්න තියෙන්නේ කියන එක කියලය් මටනං හිතෙන්නේ. ඒ කොහොම උනත් මම මාව ඔයාලට හඳුන්වලා දෙන්නම්..මම මේ ලංකාවේ ඉන්න ගෑනු ලමයි අතරේ තවත් එක ගෑනු ළමයෙක්.Blogger කෙනෙක්..
දැනටමත් මට අවුරුද්දක් පරණ තවත් blog එකක් තියෙනවා.(මෙතනින් බලන්න) සිංහලෙන් blog එකක් ලියන්න හැමදාමත් හිතේ හීනයක් තිබ්බත් ඒක හැබෑවක් කරගත්තේ අද..මගේ blog එක,පරණ blog එකේම සිංහල edition එක නෙමෙය් කියන එකත් නොකියම බෑ..
ඒ කොහොම උනත් මම කවුද කියල හරියටම ඔයාලට දැනගන්න පුළුවන් වෙයි දිගටම මාත් එක්ක හිටියොත්..
මගේ හීන,මගේ කතාව,මම දන්න දේවල්,නොදන්නා දේවල්,අලුතෙන් ඉගෙනගන්න දේවල්  හැම දෙයක්ම මම ඔයාලත් එක්ක බෙදාගන්න ලෑස්තියි.එහෙනං අලුත් දෙයක් එක්ක නැවත හමුවෙමු..එතකං....ජය වේවා..!!